චීන මධ්‍යම හමුදා කොමිසම ජනරාල් නිලය ලබාදීමේ උත්සවය පවත්වයි
2024-07-09 19:39:28
Share with:

චීන මධ්‍යම හමුදා කොමිසම ජනරාල් නිලය ලබාදීමේ උත්සවය  ජනාධිපති, චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පස්වරුවේ  “බා යි” ගොඩනැගිල්ලේදී පැවැත්විණ.

මෙවර ජනරාල් නිලයට උසස් කෙරුණේ චීන මධ්‍යම හමුදා කොමිසමේ දේශපාලන කටයුතු කාර්යාංශයේ විධායක නියෝජ්‍ය අධ්‍යක්ෂ හ හොං චුන් මහතා ය. ෂී ජින් පිං මහතා,  හ හොං චුන් මහතා වෙත උසස්වීම් ලිපිය පිරිනමමින් සුබ පැතුම් පළ කළේ ය. චීන මධ්‍යම හමුදා කොමිසමේ සාමාජිකයෝ සහ එම කොමිසමට අනුබද්ධ ආයතනවල ප්‍රධානීහු එම අවස්ථාවට එක් වූහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම