දකුණු ආසියාතික රටවල් සමඟ චීනයේ ආර්ථික හා වෙළෙඳ සබඳතා නව තලයකට ප්‍රවර්ධනය කිරීම සඳහා බහුවිධ ක්‍රියාමාර්ග ගනු ඇති බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි
2024-07-09 20:17:55
Share with:

දකුණු ආසියාතික රටවල් සමඟ චීනයේ ආර්ථික හා වෙළෙඳ සබඳතා නව තලයකට ප්‍රවර්ධනය කිරීම සඳහා බහුවිධ ක්‍රියාමාර්ග ගැනීම මීළඟ පියවර බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි.

චීන වාණිජ උප ඇමති Li Fei මහතා අද(9) පැවති රාජ්‍ය මණ්ඩල මාධ්‍ය හමුවක දී පැවසුවේ, සංවර්ධන උපාය මාර්ගයන්හි ශක්තිමත් සබඳතාව, ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මෙන්ම, වෙළඳ හා ආයෝජන ලිහිල්කරණය සහ පහසුකම් සැලසීමේ මට්ටම වැඩිදියුණු කිරීම මීළඟ පියවර බවයි. ඩිජිටල් ආර්ථිකය සහ හරිත ආර්ථිකය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කළ යුතු ය. ෂැංහයි සහයෝගිතා සංවිධානය සහ BRICS සහයෝගිතා යාන්ත්‍රණය වැනි බහුපාර්ශ්වික රාමු යටතේ දකුණු ආසියාතික රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීති ඒකාබද්ධව ආරක්ෂා කළ යුතු බව, Li Fei මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම