“ ප්‍රවාහනය මගින් රට සවිබල ගැන්වීම පිළිබඳ ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංකල්ප ” නැමැති ග්‍රන්ථය එළි දැක්වේ
2024-07-09 20:12:14
Share with:

“ ප්‍රවාහනය මගින් රට සවිබල ගැන්වීම පිළිබඳ ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංකල්ප ”මැයෙන් ග්‍රන්ථයක් එළි දැක්වේ. චීන ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද එම ග්‍රන්ථය පසුගිය දා රට පුරා නිකුත් කර ඇත.

චීන පාලක ‍කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසය පැවැත්වීමේ සිට මේ දක්වා ෂී ජින් පිං ජනාධිපතිවරයා රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ උන්නතිය ඉතා වැදගත් කොට සලකා තිබේ. ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳව හෙතෙම වැදගත් මත පළ කර ඇත. “ ප්‍රවාහනය මගින් රට සවිබල ගැන්වීම පිළිබඳ ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංකල්ප ” ග්‍රන්ථය නව යුගයේ චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී චින්තනය මූලික කරගෙන , ප්‍රවාහනය මගින් රට සවිබල ගැන්වීම පිළිබඳව ජනාධිපති ෂී ජින් පිං මහතා පළ කළ මත ක්‍රමානුකූලව පහදා දී තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම