ඇමරිකා ජනාධිපතිවරණයෙන් ඉවත් වීම Joe Biden ප්‍රතික්ෂේප කරයි
2024-07-09 10:13:42
Share with:

ඇමරිකා ජනාධිපතිවරණයෙන් ඉවත් වීම Joe Biden ප්‍රතික්ෂේප කරයි. කොංග්‍රසයේ ඩිමොක්‍රටික් පක්ෂ නායකයාට ලිපියක් යොමු කරමින් Joe Biden ඊයේ(8) මේ බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම  Donald Trump පරාජය කිරීමට සහාය දෙන ලෙස ද ඔහු ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය ජූනි 27 වැනිදා Joe Biden සහ Donald Trump අතර පැවති රූපවාහිනී විවාදයේ දී, Joe Biden ගේ දුර්වල ක්‍රියාකාරිත්වය හෙළිවීමත් සමග ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයින් බහුතරයක් ඔහුට ජනාධිපතිවරණයෙන් ඉවත් වන ලෙස ඉල්ලීම් කර ඇත.

තමන් දැඩි අධිෂ්ඨානයෙන් මෙවර මැතිවරණයට සහභාගී වන බවත්, Donald Trump පරාජය කිරීමට හැකි වනු ඇති බවට දැඩිව විශ්වාස කරන බවත් Joe Biden සිය ලිපියෙන් පෙන්වා දෙයි. ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ කනස්සල්ල තමාට වැටහෙන නමුත් Donald Trump පරාජය කිරීමට සුදුසුම පුද්ගලයා තමන් බව ද ඔහු කියා සිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම