බදු අයකර ගැනීමට හඳුනාගත් නව ක්ෂේත්‍ර 14 පිළිබඳව විමර්ශන අඛණ්ඩව
2024-07-09 17:47:27
Share with:

මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජනය නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

බදු ගෙවීම් පැහැර හැරීමට කිසිදු අයෙකුට අවස්ථාවක් ලබාදී නොමැති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය.

නව ක්ෂේත්‍ර 14ක් අනිවාර්යෙන් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු බවට පසුගිය වසරේ දැනුම් දී තිබේ. මහා පරිමාණ උපකාරක පංති, පෞද්ගලික පාසල්, පෞද්ගලික වෛද්‍ය සේවාවන් සැපැයීම, ඉංජිනේරු සේවාවන්, මිනින්දෝරු සේවාවන් ඇතුළු ක්ෂේත්‍ර 14ක් ඊට අයත් වේ. ලියාපදිංචි වූ සියලු දෙනාගේ ආදායම් පිළිබඳ පැහැදිලි විමර්ශනයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සිදු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම