නවීකරණය හා ප්‍රතිසංස්කරණ ඔස්සේ ක්‍රියාත්මක වන චීන පරිපාලන නීතිය තුළින් ඔවුන්ගේ ජන ජීවිතය වඩාත් සමෘද්ධිමත් කර තිබේ
2024-07-09 16:14:21
Share with:

රටක ජනතා කේන්ද්‍රීය නීතිමය පද්ධතියක් මගින් ඇති වන පරිපාලනය රටේ සංවර්ධනයට ඉතාමත් වැදගත් බව ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි. ජනතා කේන්ද්‍රීය නීතිමය පද්ධතියක් සෑම විටම පරිපාලනයත් සමග සම්බන්ධ වීම එයට ප්‍රධානම හේතුව වේ. චීනය තුළ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සියල්ලම නීතිය මගින් ඉටු කෙරෙන ආකාරය දැක ගත හැකිය. ජනතා ආර්ථික අයිතිවාසිකම්, සමාජීය අයිතිවාසිකම් හා සංස්කෘතික අයිතිවාසිකම් එකට ඒකරාශි  වූ නීති පද්ධතියක් එහි ක්‍රියාත්මක වේ.  ජනතාව කේන්ද්‍රකරගත් නීතිමය පරිපාලනය යාවත්කාලීන කොට ඇති කරන ප්‍රතිසංස්කරණ තුළින් පරිපාලනමය වශයෙන් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර දීම චීනය තුළින් දැකිය හැකිය. විශේෂයෙන්ම ජනතාවට සේවය ලබා දීමේ දී රාජ්‍ය ආයතන තුළින් එය නිසි ලෙස ඉෂ්ට නොවේ නම් එයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වේ. චීන පරිපාලන නීතියේ වැදගත්ම සාධකයක් වන්නේ ඩිජිටල්කරණයයි. සේවාවන් බහුතරයක් පරිපාලනය කර ගත හැකි ක්‍රමයක් ලෙස ඩිජිටල්කරණය, ඔවුන් නවීකරණයන් ඔස්සේ ක්‍රියාත්මක කරයි. විද්‍යුත් වාහන භාවිතයෙන් පරිසරය ආරක්ෂා වෙනවා සේම ඩිජිටල්කරණය පරිපාලනමය සංකල්පයක් ලෙස චීනය තුළ ක්‍රියාත්මක වීමෙන් ජන ජීවිතය ඉතා පහසු කොට තිබේ. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය මහා බ්‍රිතාන්‍ය මත ගොඩනැඟී ඇති අතර මේ බොහෝ නීති යල්පැන ගොස් ඇති බවද ආචාර්ය  මහානාමහේවා මහතා කියා සිටී. එම නිසා පැරණි නීති පද්ධතියෙන් බැහැරව ජනතා කේන්ද්‍රීය නීති පද්ධතියක් ගොඩනැඟීමට චීනයෙන් ගත හැකි ආදර්ශ ලබා ගත යුතුය. ඒ තුළින් නීතියේ බලය ආරක්ෂා වන අතර පරිපාල‍නයේ දී පහසුවෙන්ම ජනතාවට තම සේවාවන් ඉටු කර ගැනීමට එය ඉවහල් වේ. අල්ලස දූෂණය නැති කිරීමට විද්‍යුත් ක්‍රමයට අනුගත වීම වඩාත් වැදගත් වේ. චීන ජනපති ෂී ජින්පිං මහතාගේ නවීකරණ හා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඔස්සේ චීනය වැනි සංවර්ධනය වන රටවල දැකිය හැකි පරිපාලනමය නීති පද්ධතියක් ශ්‍රී ලංකාව වැනි රටක ගොඩනැගීමට කාලීන අවශ්‍යතාවක් බව ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම