NATO ව චීනය කෙරෙහි ආසියා පැසිෆික් කලාපයේ බෙදුම් හා ගැටුම් ඇති කිරීමට දරණ ප්‍රයත්නය නිසැකවම පරාජය වනු ඇත
2024-07-09 21:48:10
Share with:

NATO සමුළුව අද(9) Washington නගරයේදී ආරම්භ වේ. රැස්වීමට පෙර පැවති මාධ්‍ය හමුවේදී, NATO මහලේකම් Jens Stoltenberg පැවසුවේ, චීනය ඇතුළු රටවලට ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් ඉන්දු-පැසිෆික් කලාපයේ හවුල්කාරී රටවල් සමඟ සමීපව සහයෝගිතා පැවැත්විය යුතු බවයි. චීනය ප්‍රායෝජනයට ගෙන ආසියා පැසිෆික් කලාපයට මැදිහත් වීමට සහ ඇමරිකානු ආධිපත්‍යය පවත්වා ගැනීම සාක්ෂාත් කිරීම, NATO සංවිධානයේ අරමුණ බවට මාධ්‍ය විශ්වාසය පළ කර ඇත.

NATO පිහිටුවීමෙන් පසු , ඇමරිකාව සන්ධාන ගත වී, අනෙකුත් රටවල් පාලනය කිරීමේ සහ බැහැර කිරීමේ උපක්‍රමයක් බවට එය පත් කරගෙන ඇත. පසුගිය දශකය තුළ ඇමරිකාව සිය ගෝලීය උපායමාර්ගික අවධානය ආසියා-පැසිෆික් කලාපය වෙත යොමු කර ඇති අතර NATO ද සිය අවධානය ආසියාවට යොමු කර තිබේ.

චීනයට එරෙහිව ආසියා පැසිෆික් කලාපයේ NATO වැනි සන්ධානයක් ස්ථාපිත කිරීමට ඇමරිකාව වෑයම් කරමින් සිටී. එහෙත් ආසියා පැසිෆික් කලාපයේ එම නව ආරක්ෂක ව්‍යූහය ස්ථාපිත කිරීම සාක්ෂාත් කළ නොහැකි ය.

ආසියා පැසිෆික් කලාපයේ බහුවිධ රටවල් බටහිර වටිනාකම හා එම ක්‍රමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රචාරය කරන NATO පිළිනොගනී. එමෙන්ම එම රටවල්, ආධිපත්‍යය බලහත්කාරයෙන් ආසියා පැසිෆික් කලාපයට පතුරුවාලන NATO ව පිළිනොගනී.

එමෙන්ම NATO සංවිධානයේ බොහෝ සාමාජික රටවල් ආසියා පැසිෆික් කලාපයේ එම සංවිධානය ව්‍යාප්තවීමට විරුද්ධ වනු ඇත. NATO යුරෝපයේ ආරක්ෂක කටයුතු වෙත අවධානය යොමු කරන බවට එම සාමාජික රටවල අපේක්ෂාවයි. චීන තර්ජන න්‍යාය ප්‍රචාරය කළද NATO සංවිධානයේ බොහෝ සාමාජික රටවල් චීනය සමග ස්ථීර සබඳතා පවත්වයි. ආසියා පැසිෆික් කාලපයේ බහුවිධ රටවල විශ්වාසය නම් චීනය, කලාපයේ හා ලෝකයේ සමෘද්ධිය හා ස්ථාවරත්වයට වැදගත් පදනමක් බවයි.

ඊනියා NATO ආසියා පැසිෆික් කලාපයේ උපාය වන්නේ බෙදුම්, ගැටුම් හා සටන් උසිගැන්වීමේ සැලැස්මකි. එය ඇමරිකාවේ ආධිපත්‍යය වෙනුවෙන් සේවය කරයි. ඉතිහාසයේ ප්‍රවණතාවට එරෙහිව එම සැලැස්ම අනිවාර්යෙන්ම අසාර්ථක වනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම