එළඹෙන අයවැයෙන් යළි වැටුප් ඉහළ නැංවීමක් සිදු කෙරෙන බව ජනපති පවසයි
2024-07-09 17:45:40
Share with:

ආර්ථික අර්බුදය හමුවේ වුවද මෙම වසරේදී ලබා දිය හැකි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට ලබා දී ඇති අතර එළඹෙන අයවැයෙන් වැටුප් ඉහළ දැමීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී. වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් රටපුරා වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වීම රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් දරන උත්සාහයක් බවත් හෙතෙම පැවසීය. ‘ නීතිගරුක රටක් ‘ යන තේමාව යටතේ ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක් වෙමින් ජනාධිපතිවරයා පසුගියදා මේ බව සඳහන් ක‍ළේය.

වැට්බදු තවදුරටත් ඉහළ දමමින් වැටුප් වැඩි කිරීමට රජයට නොහැකි බවත් මැතිවරණ සඳහා සූදානම් වන අතර 2025 වසරේ අය වැයෙන් වැ‍ටුප් ඉහළ දැමීමට අවශ්‍ය මුදල් වෙන් කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම