සයිබර් ආරක්ෂණය මුවාවෙන් ඇමරිකාව සිදු කරන දෙබිඩි රංගනය ගැන අනාවරණයක්
2024-07-09 09:38:43
Share with:

ඇමරිකාව නිර්මාණය කළ“Volt Typhoon”නම් සංවිධානාත්මක හැකර් කණ්ඩායම කාලයක් තිස්සේ චීනයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටී.

මේ සම්බන්ධයෙන් චීනයේ ජාතික පරිගණක වෛරස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය, පරිගණක වෛරස් වැළැක්වීමේ සහ පාලන තාක්ෂණ ජාතික ඉංජිනේරු විද්‍යාගාරය සහ 360 ඩිජිටල් ආරක්ෂක සමූහය එක්ව පසුගිය අප්‍රේල් 15 වන දින විශේෂ විමර්ශනයක් සිදු කර ඇත. ඒ ඔස්සේ ඇමරිකාවේ රාජ්‍ය ආයතන කිහිපයක් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන මෙම "Volt Typhoon" මෙහෙයුම පිළිබඳ කරුණු රුසක්  හෙළිදරව් කර ගැනීමට සමත්ව ඇත.

ඔවුන්ගේ අරමුණ වනුයේ ඊනියා "චීන සයිබර් ප්‍රහාර තර්ජන" පිළිබඳ අසත්‍ය පැතිරවීම සහ ඇමරිකාවේ විදේශ බුද්ධි නිරීක්ෂණ පනතේ අංක 702 වගන්තිය පුළුල් කරමින් එරට ඔත්තු සේවා සපයන ආයතන තුළ සහ ඉන් පිටත සයිබර් ඔත්තු බැලීම ශක්තිමත් කිරීමයි.

මේ පිළිබඳව CGTN ගෝලීය මාර්ගගත සමීක්ෂණයක් සිදු කර ඇත. එයට අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 91.7 ක් විශ්වාස කරනුයේ ඇමරිකා රජය අඛණ්ඩව නීති විරෝධී නිරීක්ෂණ සහ සයිබර් ප්‍රහාර සිදු කිරීමෙන් එරට ජාත්‍යන්තර කීර්තිය පිරිහීම මෙන්ම ගෝලීය විශ්වසනීයත්වය ද නැති වී ඇති බවයි.

එමෙන්ම මෙම අන්තර්ජාල ක්‍රියාකරුවන්ට අධිකරණයේ කිසිදු අවසරයකින් තොරව සියලුම පුද්ගලික දත්ත සහ තොරතුරු කොන්දේසි විරහිතව සැපයීමට හැකි පරිදි ඇමරිකා බුද්ධි අංශ සහ එරට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඉඩ ලබා දෙන අංක 702 වගන්තිය නීති විරෝධී සහ නීත්‍යානුකූල නොවන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 91.3ක් ප්‍රකාශ කර ඇත. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 94.4ක් සෘජුවම කියා සිටින්නේ මෙය සම්පූර්ණයෙන්ම ඔත්තු බැලීම සඳහා සිදු කරන්නක් බවයි. එමෙන්ම ඇමරිකා රජයේ හැසිරීම අනෙකුත් රටවල ස්වාධීනත්වය‍ට මෙන්ම ජාතික ආරක්ෂාව‍ට බරපතල තර්ජනයක් බව සියයට 92.1 ක් ප්‍රකාශ කර සිටී.

සයිබර් ආරක්ෂණය මුවාවෙන් ඇමරිකාව දෙබිඩි රංගනයක නිරත වූ පළමු අවස්ථාව ද මෙය නොවේ. විටෙක වෙනත් රටවලට අසීමිත ලෙස සයිබර් ප්‍රහාර දියත් කරමින් තවත් විටෙක සයිබර් ප්‍රහාරවලට ගොදුරු වූවන් ලෙස රංගනයක නිරත වේ. මෙම විහිලු සහගත නාටකය මේ වනවිටත් ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇත.

චීන වාර්තාවට අනුව 2023 මැයි සිට මේ දක්වා ඇමරිකා රජයේ ආයතනවල සහාය ඇතිව මෙම සංවිධානාත්මක හැකර් කණ්ඩායම් චීනයට සයිබර් ප්‍රහාර මිලියන 45 කට වඩා වැඩි වාර ගණනක් සිදු කර ඇත. ඒ අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 92.8ක් විශ්වාස කරනුයේ තාක්ෂණික වාසි ඇමරිකාව සිය ආධිපත්‍යය පවත්වා ගැනීමේ අවියක් ලෙස භාවිත කර ඇති බවයි. එමෙන්ම ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 95.7ක් ජාතික ආරක්ෂක ප්‍රශ්නවලදී ඇමරිකා රජයේ දෙබිඩි පිළිවෙත දැඩි ලෙස හෙළා දැක ඇත. ජාතික ආරක්ෂාව මුවාවෙන් ඇමරිකාව වෙනත් රටවලට හිරිහැර කිරීම හෙළා දකිමින් සියයට 95.7 ක් සිය මතය ඉදිරිපත් කර ඇත.

සමීක්ෂණය CGTN හි ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු යන විවිධ භාෂාවල සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සිදු කර ඇත. එමෙන්ම මෙම මාර්ගගත මත විමසුම් දෙක සඳහා  86,000 කට අධික පිරිසක් සිය මතය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම