චීන මහජන විමුක්ති හමුදාව ගොඩනැගීමේ 97 වැනි සංවත්සරය නිමිත්තෙන් ගෞරව නාම පිරිනැමේ
2024-07-09 19:54:29
Share with:

චීන මහජන විමුක්ති හමුදාව ගොඩනැගීමේ 97 වැනි සංවත්සරය නිමිත්තෙන් මධ්‍යම යුද හමුදා කොමිසම අද(9) බෙයිජිංහිදී ගෞරව නාම ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වීය.

චීන ජනාධිපති මධ්‍යම යුද හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා එහිදී "ආදර්ශ රොකට්ටු කාලතුවක්කු අනුකණ්ඩය" යන ගෞරව නාමය දිනාගත් පාබල හමුදාවේ අනුකණ්ඩයකට සම්මාන ධජය පිරිනැමීය. ඉන් අනතුරුව ෂී ජින් පිං  මහතා එම අනුකණ්ඩයේ භටයන් හා නිලධාරීන් වෙත සුභපැතුම් එක් කළේය.

මීට පෙර චීන මහජන විමුක්ති හමුදාවේ 92950 කණ්ඩායමට පළමු ශ්‍රේණියේ රණශූරත්වය පිරිනැමීම හා පාබල හමුදා ඉංජිනේරු විශ්වවිද්‍යාලයේ Liu Aijun මහතාට ජාතිකාරක්ෂක විද්‍යා තාක්ෂණ පිළිබඳ තුන්වැනි ශ්‍රේණියේ රණශූරත්වය පිරිනැමීම සඳහා ෂී ජින් පිං මහතා නියෝගයකට අත්සන් තබා තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම