ඇමරිකාවේ පද්ධතිමය වර්ගවාදය අඛණ්ඩ ව පවතින බවට ජගත් සංවිධානයේ දී අනාවරණයක්
2024-07-09 10:45:55
Share with:

ඇමරිකාවේ වර්ගවාදය තවමත් පුළුල් ලෙස පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී අවධාරණය කෙරේ.

එම සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥ  Ashwini K.P. මහත්මිය ඊයේ (08) ජිනීවා හි පැවති ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 56 වැනි සැසිය අමතමින් මේ බව පැවසුවාය. වර්ගවාදය හා එය මුල් කරගත් වෙනස් කොට සැලකීම් ඇමරිකාවේ අවධානයට ලක් ව තිබුණ ද පද්ධතිමය වර්ගවාදය අඛණ්ඩ ව පැතිරෙන බව ඇය පෙන්වා දුන්නාය.

එරට දේශපාලන අන්තවාදීභාවය හා ආර්ථික අස්ථාවරත්වය ද මේ තත්ත්වයට දැඩිව බලපා තිබේ. වර්ගවාදයෙන් බලපෑම් එල්ල වන පිරිස කෙරෙහි දක්වන අන්තවාදී සැලකිලි එහිදී ඉස්මතු වී ඇතැයි ද Ashwini මහත්මිය සඳහන් කළාය.

ඇමරිකාවේ වාර්ගික සමානාත්මතාවය සහතික කළ හැකි යෝජනා මාලාවක් ඇය එහිදී ඉදිරිපත් කළාය. වර්ගවාදී සැලකීම් තුරන් කිරීමේ කමිටුව සහ මානව හිමිකම් පිළිබඳ කමිටුව පිහිටුවීම ඊට ඇතුළත් ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම