චීනය ගංවතුර පාලන ගැටළු විසඳීමට ලබා දෙන අරමුදල් ප්‍රමාණය ඉහළ දමයි
2024-07-09 15:56:04
Share with:

ගංවතුර තත්ත්වයන් පාලන ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා චීනය අමතර යුවාන් මිලියන 848ක් එනම් ඇ.ඩො මිලියන 118.9ක් පමණ වෙන් කර ඇති බව මුදල් අමාත්‍යංශය කියා සිටී. මුදල් හා ජල සම්පත් අමාත්‍යංශය විසින් වෙන් කරන ලද අරමුදල රටේ ගංවතුරෙන් පීඩාවට පත් මධ්‍යම, නැගෙනහිර, දකුණු , නිරිත දිග සහ ඊසාන දිග Hunan, Jiangxi, Hubei සහ Guangdong ඇතුළු ප්‍රදේශවල පළාත් පාලන ආයතනවල ගලවා ගැනීමේ කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා  කෙරෙන බව මුදල් අමාත්‍යංශය පැවසීය.

එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේ ජල පහසුකම් අළුත් වැඩියා කිරීම සහ සිදු විය හැකි අවදානම් ඉවත් කිරීමේ උත්සාහයන් සඳහා ප්‍රමුඛත්වය සැපයෙන බවයි.

හුනාන් හි ඩොං ටිං විලේ ජලාශයක සිදු වූ බිඳීමක් අලුත් වැඩියා කිරීමට යෙදවූ චීනයේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ පියවර සාර්ථක වී තිබේ. බලධාරීන් පවසන්නේ රටේ දෙවන විශාලතම මිරිදිය විලෙහි බැම්ම කැඩී යාම ඊයේ(8) සිදු වූ අතර අවදානම් අවම කිරීමේ කටයුතු සාර්ථකව සිදු වන බවයි.

ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පළාත් පාලන ආයතනවලට සහාය වීම සඳහා ජාතික ගිනි නිවන හා ගලවා ගැනීමේ පරිපාලනය විසින් සේවකයින් 219ක්, ගිනි නිවන ට්‍රක් රථ 72ක් සහ ගංවතුර ජලාපවහන ගලවා ගැනීමේ වාහන හුනාන් ප්‍රදේශය වෙත යවා ඇත.

 

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම