අපනයනය ඉලක්ක කර නුවරඑළියේ ඇරැඹූ ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ව්‍යාපෘතිය සාර්ථකයි
2024-07-09 17:46:31
Share with:

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නුවරඑළියේ ආරම්භ කරන ලද අපනයනය ඉලක්ක කරගත් පළමු ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ව්‍යාපෘතිය මේ වනවිට සාර්ථක වී තිබේ.

මෙම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගාව ශ්‍රී ලංකාවේ රජය මැදිහත් වී ක්‍රියාත්මක කරන පළමු ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ව්‍යාපෘතිය වන අතර එය නුවරඑළිය, බ්ලැක්පූල් ප්‍රදේශය හා ඒ ආශ්‍රිතව ගොවීන් 52කගේ දායකත්වයෙන් ක්‍රියාත්මකයි. හරිතාගාර 40ක මේ වගාව ආරම්භ කර ඇත.

ඊජිප්තුවේ සිට ආනයනය කරන ලද ස්ට්‍රොබෙරි පැළ ගොවීන් වෙත බෙදාහැර තිබෙන අතර මේ වගාව සඳහා අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන හා තාක්ෂණික දායකත්වය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සපයා තිබේ. වගාව ආරම්භ කර දැනට මාස දෙකක් පමණ ගත වී ඇති අතර එම වගාව නිරීක්ෂණයට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පසුගියදා එක් විය.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම