චීන-බෙලරුසියා විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
2024-07-09 15:43:51
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා බෙලරුසියා විදේශ අමාත්‍ය Maksim Ryzhenkov මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. එම සාකච්ඡාව ඊයේ(8) බෙයිජිංහි දී පැවැත්විණ.

ජනාධිපති ෂී ජින්පිං සහ ජනාධිපති Alexander Grigoryevich Lukashenko යන මහත්වරුන්ගේ උපායමාර්ගික මඟපෙන්වීම යටතේ චීන-බෙලරුසියානු සබඳතාව ඵලදායී ලෙස වැඩි දියුණු වෙමින් පවතින බව වං යී මහතා එහිදී පැවසීය.

දෙරට රාජ්‍ය නායකයන් එළඹ ඇති පොදු එකඟතාවන් ක්‍රියාත්මක කොට සර්වකාලීන උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බෙලරුසියාව සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව වං යී මහතා පෙන්වා දී ඇත.

මේ අතර ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් මාලාව ඉහළින් අගය කරන බෙලරුසියාව එම මුලපිරුම්වලට අඛණ්ඩව සහාය දැක්වීමට සූදානමින් සිටී. බහුපාර්ශ්වවාදය අනුගමනය කරන චීනය සමග එක්ව ගෝලීය අභියෝගවලට මුහුණ දීමට බෙලරුසියාව අපේක්ෂා කරන බව ද Lukashenko මහතා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම