ගාසා තීරයේ සටන් විරාමයක් ඇරඹුව ද ලෙබනන් හිස්බුල්ලා සංවිධාන‍ය සමග සටන් අඛණ්ඩව සිදු කරන බවට ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්
2024-07-08 09:25:47
Share with:

පලස්තීන‍ හමාස් සංවිධානය සමග ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ කළ ද ලෙබනන් හිස්බුල්ලා සංවිධාන‍ය සමග සටන් අඛණ්ඩව පවත්වාගෙන යන බව ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant ඊයේ (7) මෙම ප්‍රකාශය සිදු කළ බව ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා පලස්තීන-ඊශ්‍රායල් ගැටුමේ නව වටය ආරම්භ වූ දා සිට, ලෙබනන් හිස්බුල්ලා සංවිධාන‍ය උතුරු ඊශ්‍රායලයට වරින් වර ප්‍රහාර එල්ල කර ඇති අතර, ඊට එරෙහිව ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනය වෙත ගුවන් ප්‍රහාර සහ බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත. ඊශ්‍රායල-ලෙබනන් දේශසීමාවේ මෙහෙයුම් සම්බන්ධව, ලෙබනනයේ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් ඊශ්‍රායල හමුදාව අනුමත කර ඇති බව ද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පසුගිය ජූනි 18 වැනිදා ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම