චීනය හා හංගේරියාව අන්‍යෝන්‍ය සහයෝගය තවදුරටත් ශක්තිමත් කළ යුතුයි-- චීන ජනපති
2024-07-08 14:40:16
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හංගේරියානු අගමැති Orbán Viktor මහතා හමු වෙයි. එම හමුව අද(8) පෙරවරුවේ බෙයිජිංහි පිහිටි    ද්‍යඕයුටයි රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේදී සිදු විය.

   මාස දෙකකට පෙර තමා හංගේරියාවේ සාර්ථක නිල සංචාරයක් සිදු කළ බවත් එම අවස්ථාවේදී දෙරට අතර සම්බන්ධතාවය නව යුගයේ සර්වකාලීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය දක්වා වැඩි දියුණු කිරීමට එකඟ වූ බවත් ෂී ජින්පිං මහතා එහිදී සිහිපත් කළේය. එය මෙම වසරට යෙදෙන දෙරට අතර නිල සම්බන්ධතාවයේ 75වැනි සංවත්සරයට ඓතිහාසික වැදගත්කමක් එකතු කළ අතර ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ ඉහළ මට්ටමේ වර්ධනයට නව ගාමක බලයක් සැපයූ බව ද ඔහු පැවසීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිය ලබන සතියේ බෙයිජිංහිදී පැවැත්වීමට නියමිතය. එමගින් ප්‍රතිසංස්කරණ තවදුරටත් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කරමින් ඉහළ ගුණාත්මක සංවර්ධනය හා උසස් විවෘතභාවය ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කෙරේ. එසේම චීන හංගේරියානු සම්බන්ධතාවයට ද ඉන් නව අවස්ථා හා නව ශක්තියක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. දෙපාර්ශ්වය උසස් පෙළේ හුවාමාරු පවත්වා ගෙන යමින් අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කර ගෙන උපායමාර්ගික සම්බන්ධීකරණය හා අන්‍යෝන්‍ය සහයෝගය ශක්තිමත් කළ යුතුය. විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කරමින් උසස් ගුණාත්මකභාවයෙන් යුතුව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කළ යුතුය. එසේම දෙරට අතර නව යුගයේ සර්වකාලීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ සැබෑ අභිලාෂය ප්‍රවර්ධනය කළ හැකි අතර දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දිය හැකි වනු ඇති බව ද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

වර්තමානයේ පවතින නොසන්සුන් ජාත්‍යන්තර තත්ත්වය හමුවේ චීනය සාමයට ලැදි ප්‍රවේශයක් ඉදිරිපත් කරමින් වැදගත් සංවර්ධනාත්මක යෝජනා රැසක් ඉදිරිපත් කළ බව හංගේරියානු අගමැතිවරයා එහිදී පැවසීය. සෑමවිටම ප්‍රායෝගිකව ක්‍රියා කරන චීනය තමා ලෝක සාමය සුරැකීමේ වැදගත් හා ස්ථාවර බලවේගයක් බව සනාථ කිරීමට සමත් වී ඇත. චීනයේ මෙහෙවර හා බලපෑම හංගේරියාවේ ඉහළ ඇගයුමට ලක් වේ. චීනය සමග උපායමාර්ගික සම්බන්ධීකරණය හා සහයෝගය සමීපව සිදු කිරීමට තම රට කැමැත්තෙන් සිටින බව ද හංගේරියානු අගමැති  Orbán Viktor මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම