ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල හරිත සංවර්ධන සංසදයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-07-08 10:58:50
Share with:

ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල හරිත සංවර්ධනය පිළිබඳ සංසදයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

ජෛව පරිසර ආරක්ෂාව සහ හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල පොදු එකඟතාව බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය. මෙවර සංසදය මගින් විවිධ පාර්ශ්ව හරිත සංවර්ධනය පිළිබඳ ක්ෂේත්‍රයේ හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් කිරීමෙන් ඒ ඒ රටවලට තිරසර සංවර්ධනය වෙත ගමන් කිරීමට සහ මානවයා හා සොබාදහම අතර සුසංගත සහජීවනය පවත්වා ගැනීමට හැකි වනු ඇතැයි ද චීනය බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා අවධාරණය කර ඇත.

විවිධ පාර්ශ්ව සමග එක්ව සමගිය හා සහයෝගිතාව ශක්තිමත් කොට හරිත සංවර්ධනය ඉදිරියට මෙහෙයවීමට චීනය සූදානමින් සිටින බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එම සංසදය අද(8) චීනයේ Shandong පළාතේ Qingdao නගරයේ දී ආරම්භ කෙරිණ. “මිනිසා හා සොබාදහමේ සු‍සංයෝගී සහජීවනය ප්‍රවර්ධනය කරමින් හරිත සංවර්ධනය සඳහා අත්වැල් බැඳගෙන කටයුතු කිරීම” එහි ප්‍රධාන තේමාවයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම