ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල හරිත සංවර්ධන සංසදය ඇරඹේ
2024-07-08 17:04:37
Share with:

ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල හරිත සංවර්ධන සංසදය අද(8) චීනයේ Qingdao නගරයේ ආරම්භ වේ. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ උප සභාපති ශැංහයි සහයෝගිතා සංවිධානයේ අසල්වැසී මිත්‍රශීලි සහයෝගිතා කමිටුවේ සභාපති Shen Yueyue මහත්මිය එහිදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සුභපැතුම් පණිවුඩය ඉදිරිපත් කරමින් ප්‍රධාන දේශනයක් පැවැත්වූවා ය.

ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් එකමුතුවෙන් සහයෝගිතා පැවැත්වීම, අන්‍යෝන්‍ය වශයෙන් ශිෂ්ටාචාර අධ්‍යයනය කිරීම ෂී ජින් පිං මහතා ඉහළින් අගය කරන බව එම සුභපැතුම් පණිවුඩයෙන් පිළිබිඹු වන බව Shen Yueyue මහත්මිය පැවසුවාය. එමෙන්ම විවිධ පාර්ශ්ව හරිත සංවර්ධන ක්ෂේත්‍රයේ හුවමාරු හා සහයෝගිතා පැවැත්වීම හා තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය චීන බුද්ධිය ඉන් සපයනු ලබයි.

වාරික සභාපති රටක් ලෙස චීනය පවත්වන ප්‍රථම උසස් පෙළේ වැඩසටහන මෙම සංසදයයි. වඩාත් සමීප පොදු ඉරණමක් සහිත ශැංහයි සහයෝගිතා සංවිධානයේ හවුලක් ගොඩනැගිය යුතු බව Shen Yueyue මහත්මිය එහිදී අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20241006ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම