ආසියා පැසිෆික් කලාපයට හමුදා කඳවුරු අවශ්‍ය නොවන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි
2024-07-08 19:51:59
Share with:

ජපානය සහ පිලිපීනය අන්‍යෝන්‍ය ප්‍රවේශ ගිවිසුමක් අත්සන් කිරීම කෙරෙහි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා චීනයේ ස්ථාවරය පැහැදිලි කරයි. රටවල් අතර හුවමාරු සහ සහයෝගීතාව පවත්වා ගැනීමේදී කලාපීය රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය පළුදු නොවිය යුතුය. එය කලාපීය සාමය හා ස්ථාවරත්වය බිඳ නොදැමිය යුතු බවත්, තුන්වන පාර්ශ්වයන් වෙත යොමු කිරීම හෝ තෙවන පාර්ශවයන්ගේ අවශ්‍යතාවන්ට හානි නොකළ යුතු බවත්, ඔහු සඳහන් කළේ ය.

ආසියා පැසිෆික් කලාපයට හමුදා කඳවුරු අවශ්‍ය නොවන බව Lin Jian මහතා පැවසීය. දෙවන ලෝක යුද්ධ සමයේදී, ජපානය පිලිපීනය ඇතුළු අග්නිදිග ආසියාතික රටවල් ආක්‍රමණය කර එම රටවල් යටත් විජිත බවට පත් කළේය. ජපානය සිය ආක්‍රමණශීලී ඉතිහාසය ගැන බැරෑරුම් ලෙස මෙනෙහි කළ යුතු අතර, හමුදා ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව, Lin Jian මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම