සොලමන් දූපත් රාජ්‍යයේ නව ආණ්ඩුකාරවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-07-08 10:17:37
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සොලමන් දූපත් රාජ්‍යයේ නව ආණ්ඩුකාර David Tiva Kapu මහතා වෙත සිය සුබ පැතුම් පිරිනමයි.  එම පණිවුඩය අද (08) යොමු කර තිබේ.

මේ වසරේ චීන-සොලමන් රාජ්‍යතාන්‍ත්‍රික සම්බන්ධතාවය ස්ථාපිත කිරීමේ 5 වන සංවත්සරයයි. ගෙවී ගිය වසර පහ තුළ දෙරට දේශපාලන විශ්වාසය අඛණ්ඩව පුළුල් කර ගනිමින් සිටී. ප්‍රායෝගික සහයෝගිතා තුළින් ඵලදායී ප්‍රතිඵල ළඟා කර ගනිමින් මූලික අවශ්‍යතා සඳහා අවධානය යොමු කෙරෙන වැදගත් ප්‍රශ්නවල දී දෙරට ස්ථීරව අන්‍යෝන්‍ය ලෙස සහයෝගය ලබා දී තිබේ. එම සහයෝගය දෙරට ජනතාවට ප්‍රතිලාභ ගෙන දී තිබෙන බව ද ෂී ජින් පිං මහතා පැවසීය.

තමා චීන-සොලමන් සම්බන්ධතාවේ සංවර්ධනය ඉතා වැදගත් කොට සලකන අතර, නව ආණ්ඩුකාරවරයා සමග එක්ව දෙරට නව යුගයේ අංග සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩව නව මට්ටමකට ගෙන ඒමට සූදානමින් සිටින බව ඔහු කියා සිටියේය. එසේම එමගින් දෙරට ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින් පිං මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් කියාසිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම