ව්‍යාපාරවලට නවීන තාක්ෂණය යොදා ගැනීම කෙරෙහි රජයේ අවධානය
2024-07-08 19:33:06
Share with:

සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් නවීන තාක්ෂණය යොදා ගනිමින් ව්‍යාපාර කටයුතු සිදු කිරීම තුළින් ව්‍යාපාර ක්ෂේත්‍රයන් තුළ නව පිබිදීමක් ඇති කළ හැකි බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබා දෙමින් එම ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර තාක්ෂණික නවෝත්පාදනයන් සඳහා යොමු කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහනකට එක් වෙමිනි. දෙහිඕවිට සහ දැරණියගල කේන්ද්‍ර කර ගනිමින් පැවැති මෙම වැඩසටහන සඳහා 500කට ආසන්න දේශීය ව්‍යවසායකයන් පිරිසක් සහභාගි වූ අතර එහිදී එම ව්‍යවසායකයන්ට හොඳ නිෂ්පාදන පිළිවෙත් (GMP) පිළිබඳ සහතික ලබාගැනීම පිළිබඳ අවබෝධය ලබා දීම, අන්තර්ජාලය හරහා වෙළඳ පහසුකම් ලබා ගැනීම පිළිබඳ දැනුම්වත් කිරීම හා ස්වයං රැකියා පිළිබඳ හඳුන්වා දීම මෙන්ම ව්‍යවසායකයන් සඳහා හඳුන්වාදී ඇති තාක්ෂණික යන්ත්‍රෝපකරණ පිළිබඳ දැනුම්වත්භාවය ලබා දීම ද සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා මෙසේ ද පැවසීය. සෑම විටම ගතානුගතික සාම්ප්‍රදායික සිතුවිලි හා සාම්ප්‍රදායික ක්‍රමවේද සමඟ කිසිදු ක්ෂේත්‍රයකට ඉදිරියට යාමට නොහැකි බවත් එබැවින් මෙරට ව්‍යාපාර සඳහා තාක්ෂණික නවෝත්පාදනයන් හඳුන්වා දීමට හා එවැනි තාක්ෂණික නවෝත්පාදනයන් ප්‍රචලිත කිරීම සඳහා විශාල වැඩ කොටසක් රජය ඉටු කරමින් සිටින බවත‍් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම