ටිබෙට් බෙදුම්වාදීන්ට අනුබල දීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2024-07-08 19:55:17
Share with:

ඇමරිකා රාජ්‍ය ලේකම් Antony Blinken 14 වැනි Dalai Lamaගේ උපන් දිනය වෙනුවෙන් සුභපැතුම් යොමු කරමින් ප්‍රකාශයක් සිදු කළේය. ටිබෙට් භාෂාව, ආගම හා සංස්කෘතික සම්ප්‍රදාය ආරක්ෂා කිරීම හා නිදහස්ව ආගමික නායකයන් තෝරා ගැනීමේ වෑයමට ඇමරිකාව අනුබල දෙන බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ චීනයට එරෙහිව බෙදුම්වාදී මෙහෙයුම්වල නිරතවීමට ටි‍බෙට් බෙදුම්වාදීන්ට ලබා දෙන ඕනෑම ආකාරයක අනුබලයන් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවයි. 14 වැනි Dalai Lama හුදු ආගමික ශාස්තෘවරයෙක් ‍නොවන බවත්, ඔහු ආගම මුවාවෙන් චීනයට එරෙහිව බෙදුම්වාදී මෙහෙයුම්වල නිරත වන දේශපාලන සරණාගතයෙකු බවත් Lin Jian මහතා කීය. ටිබෙටයේ කටයුතු චීන අභ්‍යන්තර කටයුතු වන අතර කිසිදු බාහිර බලවේගයකට ඊට මැදිහත් වීමට අවස්ථා ලබා ‍නොදෙන බව Lin Jian මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම