"Nord Stream" ස්වභාවික ගෑස් නල පිපිරීමේ සිද්ධිය යුක්රේන පුද්ගලයින් දිගු කලක් තිස්සේ සැලසුම් කර ඇති බවට අනාවරණයක්
2024-07-08 11:20:32
Share with:

යුක්රේන සංවිධානයක් 2014 වසරේ සිටම බෝල්ටික් මුහුද අභ්‍යන්තරයේ පිහිටා ඇති "Nord Stream" ස්වභාවික ගෑස් නල මාර්ග දෙකකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය වේ. මෙම ස්වභාවික ගෑස් නල මාර්ගයේ පිපිරීම පිළිබඳ විමර්ශනය කරන ජර්මානු නිලධාරීන් මෑතකදී ජර්මානු මාධ්‍යට මෙම තොරතුරු හෙළිදරව් කර ඇත.

එම වාර්තාවලට අනුව, ජර්මානු නිලධාරීන්ගේ විමර්ශනයේදී ප්‍රමුඛ අවධානය යොමුව ඇත්තේ කුලියට ගත් රුවල් නෞකාවක් පිළිබඳව ය. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම රුවල් නෞකාව අදාළ මුහුදු තීරයේ යාත්‍රා කළ ඇති අතර ප්‍රහාරයට පෙර සහ පසුව බෝට්ටුවේ සිටි පුද්ගලයින් හය දෙනා යුක්රේනයේ රැඳී සිට ඇත. විමර්ශනයට සම්බන්ධ වූ නිලධාරියෙක් පැවසුවේ මෙම පුද්ගලයින් නල මාර්ගයට ප්‍රහාරය එල්ල කර ඇතැයි නිගමනය කිරීමට ප්‍රමාණවත් නව සාක්ෂි හමු වී ඇති බවයි. කෙසේ වුවද මෙම විමර්ශනයෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙනු ඇති බවට හෝ ඊනියා ජාතික ආරක්ෂක හේතූන් මත එය ප්‍රසිද්ධියට පත් නොවනු ඇති බවට සමහර ජර්මානු විශේෂඥයින් සිය කනස්සල්ල ද පළ කර ඇත.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම