අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය ජූලි 12 වැනිදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.
දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් එය සිදුකෙරෙනු ඇත.
උසස්පෙළ සිසුන් සඳහා මසකට රුපියල් 6000/- බැගින් මාස 24 ක් මෙම මුදල් පිරිනැමෙනු ඇත. එක් අධ්‍යාපන කලාපයකින් සිසුන් 60 බැගින් තෝරාගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000 ක් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.
පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දිවයිනේ පාසල් 10,126 ම ආවරණය වන පරිදි තෝරාගැනුණු සිසුන් සඳහා මසකට රුපියල් 3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහන ද මේ යටතේ ක්‍රියාත්මක වේ.
ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් සිදු කෙරෙන මෙම ශිෂ්‍යත්ව ප්‍රදාන පිළිබඳව යාවත්කාලීන තොරතුරු ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ සඳහන් කෙරේ.