රට තුළ නව ආර්ථික ක්‍රමයක් මෙන්ම නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතු බව ජනපති කියයි
2024-07-07 17:53:10
Share with:

රටේ නව ආර්ථිකයක් ගොඩනගන විට නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වගකීම්සහගත මෙන්ම නොබියව සත්‍යය ප්‍රකාශ කරන පිරිසක් එම දේශපාලන ක්‍රමවේදය තුළ බිහිවිය යුතු බව ද හෙතෙම පෙන්වාදෙයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ 05 වැනිදා කොළඹ පැවති ජාතික බැංකුකරුවන්ගේ සංසදයට සහභාගි වෙමිනි.

රට හමුවේ ඇති ආර්ථික අභියෝගය ජනතාව හමුවේ නොබියව ප්‍රකාශ කළ තමා, රට එම අර්බුදයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි වැඩපිළිවෙළ ද මේ වන විට පැහැදිලිව ඉදිරිපත් කර ඇති බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

අපනයන ආර්ථිකයක් මත පදනම්ව රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාම තම අරමුණ බවත්, ඊට අවශ්‍ය නීති පද්ධතිය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් ඔහු කියාසිටියේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම