රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ වැඩසටහන යටතේ සිසුන් 17000 කට අධික පිරිසකට පොළී රහිත ණය මුදල් සපයා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයකින් එම උපාධි ලබාගැනීම සඳහා, 2017 වර්ෂයේ අයවැය යෝජනාවක් ලෙස මෙම පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. ඒ, යටතේ රු. 800,000 ක උපරිමයකට යටත් ව සිසුන්ට ණය මුදල් හිමිවේ.
මේ යටතේ අදියර 3 කට අයත් සිසුන් පිරිසක් මේ වනවිට සිය උපාධි පාඨමාලා සම්පූර්ණ කර ඇත. එසේම මීළඟ අදියර තුනේ සිසුන් 10,258 ක් වෙනුවෙන් ණය මුදල් ගෙවීම ද සිදු වෙමින් පවතී. රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන 17 ක උපාධි පාඨමාලා 91 ක් හැදෑරීම සඳහා මෙමගින් ණය ආධාර සපයා තිබීම කැපීපෙනේ.