ජපාන ආක්රමණයන්ට එරෙහි චීන සංග්‍රාමයේ 87 වැනි සංවත්සරය අභිමානයෙන් සැමරේ
2024-07-07 16:30:12
Share with:
ජපාන ආක්රමණයන්ට එරෙහි චීන සංග්‍රාමයේ 87 වැනි සංවත්සරය සැමරේ. සැමරුම් උළෙල, ‘ජපාන ආක්‍රමණයට එරෙහි යුද අනුස්මරණ ශාලාවේ’ දී අද (07) පෙරවරුවේ පැවැත්වුණේ චීන කොමියුනිස්ට් පක්ෂයේ බෙයිජිං නාගරික කමිටු ලේකම් Yin Li මහතාගේ ප්‍රධානත්වයෙනි.ජාතික ගීය ගායනයෙන් ඇරඹුණු උත්සවයට එක්ව සිටි සිසු සිසුවියෝ දැයේ අභිමානය පිළිබඳ රණ ගී ඇතුළු සංස්කෘතිකාංග ඉදිරිපත් කළහ. තරුණ පරපුර අතීත රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාග හා උතුම් ආචාරධර්ම නිරතුරුව සිහිපත් කරමින් මාතෘභූමිය වෙනුවෙන් කැප වීමේ දැඩි අධිෂ්ඨානය ඉන් පිළිබිඹු කෙරේ.
එම අවස්ථාවට එක්ව සිටි විවිධ ක්ෂේත්රවල නියෝජිතයෝ ද රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දැක්වූහ.