හුනාන් පළාතේ විපතට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සැලසීමට චීන ජනපතිගෙන් උපදෙස්
2024-07-06 15:13:46
Share with:

මධ්‍යම චීනයේ හුනාන් පළාතේ Dongting  විලේ වේල්ල බිඳීයාමෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි  චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉල්ලා සිටී. ජන ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම සඳහා මුදාගැනීමේ හා සහන මෙහෙයුම් පුළුල් කරන ලෙස ද ඔහු අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මෙවර වැසි සමය උදාවීමත් සමග රටේ ඇතැම් ප්‍රදේශ ගංවතුර හා ජලගැලීම්වලට මුහුණ පා ඇත. එසේම, ජලාශ වේලි දිගුකාලීන ඛාදනයට ලක්වීම නිසා දැඩි අනතුරුදායක තත්ත්වයන් ඇති වීමේ බරපතල අවදානමක් පවතී. මේ නිසා ආපදා සහන සේවාවන්ට සමගාමීව, වේලිවල තත්ත්වය පරීක්ෂා කොට ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කැප වී ක්‍රියා කරන ලෙස ද ජනාධිපතිවරයා ප්‍රාදේශීය බලධාරීන් දැනුවත් කර ඇත.

මේ අතර, අග්‍රාමාත්‍ය Li Qiang මහතා ද, හදිසි අවස්ථාව කළමනාකරණය කර ගනිමින් විපතට පත් ජනතාවට නවාතැන් පහසුකම් සහතික කරන ලෙස නියෝග කළේය. එසේම, ජලාශ සහ වේලි ආශ්‍රිත මුර සංචාර පුළුල් කරන ලෙසත්, පූර්ව අනතුරු ඇඟවීම් නිසි අයුරින් සිදුකරන ලෙසත් ඔහු දන්වා ඇත.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව හදිසි කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීහු සහ ක්‍රියාකාරී කණ්ඩායම් හුනාන් පළාතේ සහන මෙහෙයුම් සඳහා එක්ව සිටිති.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම