පොදු ඉරණමක් සහිත චීන-ටජිකිස්ථාන ප්‍රජාව පැහැසර අනාගතයක් කරා
2024-07-06 20:13:04
Share with:

"සහෝදරත්වය" ගැන කතාකිරීමේ දී චීනය සහ ටජිකිස්ථානය ඒ සඳහා ප්‍රබල නිදසුනක් ලෙස ගෙන හැර පෑ හැකිය. පැරණි සේද මාවත පදනම් කරගනිමින් බිහි වූ චීන-ටජිකිස්ථාන මිත්‍රත්වය වසර 2000 කට අධික ඉතිහාසයක් හිමිකම් කියයි. රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමෙන් පසු දෙරට ගත වූ වසර 32 තුළ ද්විපාර්ශ්වික සහයෝගිතා ඔස්සේ අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ පිළිබඳ ප්‍රතිඵල රැසක් අත්පත් කර තිබේ.

වර්තමානයේ, නව ආරම්භක ලක්ෂ්‍යයක හිඳ චීන-ටජිකිස්ථාන සබඳතා තවදුරටත් වැඩිදියුණු කළ හැක්කේ කෙසේද? චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉකුත් 4 වැනිදා සිට අද (6) දක්වා නිරත වූ ටජිකිස්ථාන නිල සංචාරය අතරතුර, දෙරට සබඳතාව නවයුගයේ විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වයක් දක්වා සංවර්ධනය කරන බව ඒකාබද්ධව ප්‍රකාශයට පත්කෙරිණ. වඩාත් ඉහළ මට්ටමක පොදු ඉරණමක් සහිත චීන-ටජිකිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීම සඳහා නව සැලසුම් හා විධිවිධාන ද එහිදී සම්පාදනය කර ඇත.

චීන-ටජිකිස්ථාන සබඳතා නව මට්ටමකට රැගෙන යා හැක්කේ කෙසේද? දෙරට රාජ්‍ය නායකයන්ගේ රාජ්‍යතාන්ත්‍රිකත්වය මේ සඳහා තීරණාත්මක හා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. ඔවුන්ගේ නායකත්වය යටතේ චීනය සහ ටජිකිස්ථානය අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාවලින් ඵලදායී ප්‍රතිඵල ද හිමි ව තිබේ. චීනය සහ ටජිකිස්තානය ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කරමින් දෙරට ජනතාවට ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ලබා දී තිබේ.

වත්මන් චීනය සහ ටජිකිස්ථානය ජාතික සංවර්ධනය හා පුනර්ජීවනය පිළිබඳ තීරණාත්මක අවදියකට අවතීර්ණව සිටී. එසේම, ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම දෙරටේම සංවර්ධන අවශ්‍යතාවලට ගැලපෙන අතර, පොදු අපේක්ෂා ද පිළිබිඹු කරයි.

ඉහළ මට්ටමේ ඇරඹුමක් ඔස්සේ චීනය  හා ටජිකිස්ථානය එක්සත්ව ඉදිරියට යමින්, දෙරට ජනතාවට සුබසෙත සැලසීමේ පියවර ක්‍රියාවට නංවනු ඇත. එහිදී පොදු ඉරණමක් සහිත චීන-ටජිකිස්ථාන ප්‍රජාව පැහැසර අනාගතයකට හිමිකම් කියනු නිසැකය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම