විදේශ අමාත්‍යවරයා හෙට (7) සිංගප්පූරුවට
2024-07-06 18:55:48
Share with:

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා දෙදින නිල චාරිකාවක් සඳහා හෙට (7) සිංගප්පූරුව බලා පිටත් ව යයි. ඒ, එරට විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතාගේ ඇරයුමක් අනුව යි. විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව නිවේදනය කර ඇත.

දෙරට අතර පවතින බහුවිධ සබඳතා තර කරගැනීමේ අරමුණින් අමාත්‍යවරයා බාලක්‍රිෂ්ණන් මහතා සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය. ලබන 9 වැනිදා සිංගප්පූරුවේ පැවැත්වෙන 2024 රොයිටර්ස් නෙක්ස්ට් ආසියා ශාන්තිකර සමුළුව සඳහා ද අලි සබ්රි මහතා සහභාගි වනු ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම