Masoud Pezeshkian මහතා ඉරාන ජනාධිපතිවරණයෙන් ජය ලබයි
2024-07-06 17:59:48
Share with:

Masoud Pezeshkian මහතා ඉරාන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරයි. ඉරාන මැතිවරණ කොමිසම අද (6) මේ බව නිවේදනය කළේය. Pezeshkian මහතා එරට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා යි.

ඉරානයේ 14 වැනි ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ ප්‍රතිඵලය අද (6) ප්‍රකාශයට පත්කෙරුණේ ටෙහෙරාන් අගනුවර පැවැති මාධ්‍ය හමුවකදීය. Masoud Pezeshkian මහතා සහ ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ එරට න්‍යෂ්ටික සාකච්ඡා පිළිබඳ හිටපු ප්‍රධානියෙකු වන Said Jalili මහතා මැතිවරණයේ දී පිළිවෙළින් ඡන්ද මිලියන 16.38 ක් සහ මිලියන 13.53 ක් හිමි කරගෙන තිබේ.

හිටපු ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා ඉකුත් මැයි මස 19 වැනිදා හෙලිකොප්ටර් අනතුරකින් අභාවයට පත්වීම නිසා 2025 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ එරට 14 වැනි ජනාධිපතිවරණය මේ වසරේ දී පැවැත්වීමට සිදුවිය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම