බ්‍රිතාන්‍යයේ නව අගමැති දිවුරුම් දෙයි
2024-07-06 17:34:55
Share with:

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ Keir Starmer මහතා ධුරයේ දිවුරුම් දෙයි. ඊයේ (5) එම දිවුරුම් දීමෙන් අනතුරුව හෙතෙම ලන්ඩන් නුවර අගමැති මන්දිරයේ සිට දේශනයක් පැවැත්වීය.

තම රටේ ජනතාව දැඩි අධිෂ්ඨානයකින් යුතුව ඡන්දය භාවිත කළේ විපර්යාසයක්, ජාතික පුනර්ජීවනයක් සහ මහජන සේවය වෙනුවෙන් කැපවුණු දේශපාලනයක් යළි තහවුරු කිරීම සඳහා බව Starmer මහතා එහිදී කියාසිටියේය.

ඔහු බකිංහැම් මාලිගයට ගොස් තුන්වැනි චාල්ස් රජු හමු වූ අතර, අගමැතිවරයා ලෙස කැබිනට් මණ්ඩලය පිහිටුවීමේ වගකීම ද එහිදී ඔහු වෙත පැවරිණ.

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය ඉකුත් 4 වැනිදා පැවැත්විණ. එහිදී මහජන මන්ත්‍රී මණ්ඩලයේ ආසනවලින් අඩකට අධික ප්‍රමාණයක් දිනාගත් කම්කරු පක්ෂය ජයග්‍රහණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම