ඉරානයේ නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-07-06 19:22:34
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා,  ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ Masoud Pezeshkian මහතාට සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය අද (6) යොමුකරනු ලැබීය.

අඩසියවසකට වැඩි කලකට පෙර චීනය සහ ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා ස්ථාවර වර්ධනයක් පවත්වා ගෙන ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. සංකීර්ණ කලාපීය සහ ජාත්‍යන්තර තත්ත්ව හමුවේ දෙරට සෑම විටම එකිනෙකාට සහයෝගය දක්වන අතර, විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගිතා ද ස්ථාවර ලෙස ප්‍රවර්ධනය කර ඇත.

චීන-ඉරාන සබඳතා වර්ධනය කෙරෙහි තමා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙන බවත්, පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාව සවිමත්ව ඉදිරියට ගෙන යාමට ඉරාන ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට සූදානම් බවත් චීන ජනාධිපතිවරයා තම සුබ පැතුම් පණිවුඩයෙන් කියාසිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම