ටජිකිස්ථාන නිල සංචාරය නිමවා චීන ජනපති යළි මවුබිමට
2024-07-06 14:04:19
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ටජිකිස්ථානයේ නිල සංචාරය නිම කර යළි චීනය බලා පිටත් වෙයි.

හෙතෙම අද (06) පෙරවරුවේ දුෂාන්බේ අගනුවර සිට විශේෂ ගුවන් යානයකින් චීනය බලා පිටත් විය.

ෂී ජින්පිං මහතාට සමුදීම සඳහා ටජිකිස්ථාන ජනාධිපති Emomali Rahmon මහතා ගුවන්තොටුපළට පැමිණ සිටියේය. එහිදී හෙතෙම 2014 වසරෙන් පසු ෂී ජින්පිං මහතා එරට සංචාර තුනකදී ගත් ඡායාරූප සහිත ඇල්බමයක් චීන ජනාධිපතිවරයාට තිළිණ කළේය. මෙවර නිල සංචාරයේ සාර්ථකත්වය වෙනුවෙන් ද Rahmon මහතා ෂී ජින්පිං මහතාට යළි සුබ පැතුම් පිරිනැමීය.

චීන ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ, Rahmon මහතා සමග පැවැත්වූ සාකච්ඡා නවයුගයේ චීන-ටජිකිස්ථාන විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වයේ ඉදිරි ගමනට මඟපෙන්වනු ඇති බවයි. Rahmon ජනාධිපතිවරයා සමග එක්ව දෙරට වෙනුවෙන් වඩා සුන්දර අනාගතයක් නිර්මාණය කිරීම තම අපේක්ෂාව බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම