තම රටේ සංවර්ධනයට චීනයෙන් බොහෝ ආදර්ශ ලබාගත හැකි බව පේරු ජනපතිනිය කියයි
2024-07-06 19:02:22
Share with:

චීනය, පේරු රාජ්‍යයේ සංවර්ධනය සඳහා මනා ආදර්ශයක් සපයා ඇතැයි ජනාධිපතිනි Dina Boluarte මහත්මිය පවසයි. දෙරට අතර සහයෝගිතා පුළුල් කරමින් අන්තර් සම්බන්ධතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය කියාසිටී.

Dina Boluarte මහත්මිය මේ අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමෙන් ඇය පසුගිය දිනවල චීනයේ නිල සංචාරයකට එක්වූවාය. චීනයේ ගත කළ කාලය කෙටි වුව ද තමා ඉන් බොහෝ ප්‍රයෝජන ලබාගත් බව Dina Boluarte මහත්මිය පැවසුවාය.  විශේෂයෙන්ම චීනයේ ශීඝ්‍ර දියුණුව දැක තමා විස්මයට පත් වූ බවත්,  විශිෂ්ට රටක් වන චීනයෙන් බොහෝ දේ ඉගෙන ගත යුතු බවත් ඇය සඳහන් කළාය.

ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය සහ ඔහු ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් ලෝක සාමය සඳහා ඉතා වැදගත් වන බව පැවසූ ඇය එම මුලපිරුම් ඉහළින් අගය කළාය.

මුළු හදවතින්ම කැප වී ජනතාවට සේවය කිරීම යන චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලික අරමුණ, සියලු රටවල නායකයන් අනුගමනය කළ යුතු බව ද Dina Boluarte මහත්මිය කියාසිටී.

චීනය සහ පේරු රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා, චීනය සහ ලතින් ඇමරිකානු රටවල් අතර සහයෝගිතා සඳහා ආදර්ශ සපයා ඇත. දෙරට අතර අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කොට සහයෝගිතා ශක්තිමත් කරමින් චීන-පේරු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ නව වර්ධනීය අදියරක් කරා ගමන් කිරීමට ‍පේරු රාජ්‍යය සූදානමින් සිටින බවද ජනාධිපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම