ගන්දර ධීවර වරායේ නවීකරණ මේ වසරේ අවසන්
2024-07-06 18:32:46
Share with:

ගන්දර ධීවර වරායේ වැඩ කටයුතු මේ වසරේ අවසන් කර දකුණු පළාත් ධීවර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. එහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරමින් හෙතෙම මේ බව කියාසිටියේය.

දකුණු පළාතේ  ප්‍රධානතම ධීවර වරායක් වන ගන්දර ධීවර වරායේ නවීකරණ ව්‍යාපෘතිය  ආර්ථික අර්බුදය හේතුවෙන් අඩපණ ව පැවතිණ. මෙහි කටයුතු කඩිනමින් නිම කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම ස්තුතිය පළ කරන බව ද ඇමතිවරයා කියාසිටියේය. එය පළාතේ ධීවර කර්මාන්තයේ ප්‍රගමනයට හේතු වනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම