ආසියාවේ නිෂ්පාදන කර්මාන්තය දෙවැනි කාර්තුවේ දී තවදුරටත් යථා තත්ත්වයට
2024-07-06 15:50:14
Share with:

චීන භාණ්ඩ හා සේවා මෙහෙයුම් සහ ගැනුම් සම්මේලනය ජූනි මාසය සඳහා ගෝලීය නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය නිවේදනය කළේය. ආසියාව ගෝලීය ආර්ථිකයේ ස්ථාවර ප්‍රකෘතිමත්භාවය පිළිබඳ ප්‍රධාන එන්ජිම බවට පත්ව ඇති බව එමගින් පිළිබිඹු වෙයි.  එම දර්ශකය අද (6) නිකුත් කරනු ලැබීය.

ඒ අනුව, ඉකුත් ජූනි මාසයේ ගෝලීය නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 49.5% ක් වූ අතර, එය පෙර මාසයට වඩා 0.3% ක අඩුවීමක් පෙන්නුම් කරයි. ගෝලීය ආර්ථික ප්‍රකෘති ප්‍රවේගය දුර්වල වෙමින් පවතින බව පෙන්නුම් කරමින්,අඛණ්ඩව මාස තුනක් සඳහා එය මාසිකව අඩු වී ඇත.

එසේම, වසරේ දෙවැනි කාර්තුවේ ආසියාවේ නිෂ්පාදන කර්මාන්තය පළමු කාර්තුවට වඩා යථා තත්ත්වයට පත් ව ඇත. විශේෂයෙන් යුරෝපයේ, ඇමරිකාවේ සහ අප්‍රිකාවේ නිෂ්පාදන කර්මාන්තය මාසිකව මන්දගාමී වීමත් සමඟ ආසියාවේ නිෂ්පාදන කර්මාන්තය ගෝලීය ආර්ථිකයේ ස්ථාවර ප්‍රකෘතිමත්භාවය පිළිබඳ ප්‍රධාන එන්ජිම බවට පත්ව තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම