චීන-ටජිකිස්ථාන ජනපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්
2024-07-06 09:27:48
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ටජිකිස්ථාන ජනාධිපති Emomali Rahmon මහතා මාධ්‍ය හමුවකට එක්වෙති. ඒ, නායක දෙපළ ටජිකිස්ථානයේ දුෂාන්බේ අගනුවර ජනාධිපති මන්දිරයේ දී ඊයේ (05)  පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව යි.

ෂී ජින්පිං මහතා මාධ්‍ය අමතමින් අවධාරණය කළේ, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද චීනය ටජිකිස්ථානයේ දිගුකාලීන, විශ්වාසවන්ත මිතුරා හා ඉතා සමීප සහෝදරයා වන බවයි. ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ යටතේ සංවර්ධන ව්‍යාපෘති නිසි ලෙස පවත්වාගෙන යන බවට දෙපාර්ශ්වයේ එකඟතා පළ වී තිබේ. ටජිකිස්ථානයේ ගුණාත්මක නිෂ්පාදන ආනයන හා මානව හුවමාරු පුළුල් කිරීමට චීනය පියවර ගන්නා බව ද ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.

එසේ ම, ආරක්ෂාව පිළිබඳ සහයෝගිතා යටතේ නැගෙනහිර තුර්කිස්තාන ඉස්ලාමීය ව්‍යාපාරය  ඇතුළු සමස්ත  ත්‍රස්තවාදය, බෙදුම්වාදය හා අන්තවාදය මර්දනය කරමින්, දෙරට දේශසීමා මායිම් ප්‍රදේශවල සුරක්ෂිතභාවය සහතික කිරීම දෙපාර්ශ්වයේ දැඩි අපේක්ෂාවයි. චීන-මධ්‍යම ආසියානු සහයෝගිතාවන්හි ප්‍රගතීන් ඉහළ ඇගැයීමට ලක් කරන චීනය හා ටජිකිස්ථානය එම යාන්ත්‍රණය අඛණ්ඩ ව ඉදිරියට ගෙන යාමට සූදානමින්  සිටින බව ද චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ෂී ජින්පිං මහතා නිරත වන මෙවර නිල සංචාරය ටජිකිස්ථාන-චීන සබඳතාවයේ සන්ධිස්ථානයක් වන බව Emomali Rahmon මහතා එම මාධ්‍ය හමුවේදී පැවසීය. නවයුගයේ සංවර්ධනය උදෙසා දෙරට විස්තීර්ණ සහයෝගිතා හවුල්කාරීත්වය මගින් නිසි ගාමක බලයක් තිළිණ කෙරෙනු  ඇත. චීනය සමග එක්ව ශැංහයි සහයෝගිතා සංවිධානය හා චීන-මධ්‍යම ආසියානු යාන්ත්‍රණය යටතේ වන සහයෝගිතා තහවුරු කරමින්, කලාපීය සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් සක්‍රිය දායකත්වය ලබාදීමට තම රට සූදානම් බව ද Emomali Rahmon මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම