රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව වර්තමානයේ ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙමින් සිටින බව ජනපති කියයි
2024-07-06 16:22:42
Share with:

රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව වර්තමානයේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20 ක් ලබාදීමේ ‘උරුමය’ ජාතික වැඩසටහන යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එම උත්සවය කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ දී ඊයේ (5) පැවැත්විණ.

මේ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලාභී 73,143 ක පිරිසකට තම ඉඩම්වලට අදාළ සින්නක්කර ඔප්පු හිමිවේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඇ. ඩොලර් බිලියන 5 ක ණය පොළී සහනයක් හිමිවන බවත්, වාණිජ ණය හිමියන්ගෙන් ඩොලර් බිලියන 3 ක ණය කපාහැරීමක් සිදුවන බවත් ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේය.

ඒ අනුව, ඇ. ඩොලර් බිලියන 8 ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබේ. නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට තමාට හැකි වූ බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම