චීන ජනපති ටජිකිස්ථාන නිල සංචාරය අරඹයි
2024-07-05 00:14:27
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ටජිකිස්ථානයේ දුෂාන්බේ අගනුවරට පැමිණෙයි. හෙතෙම විශේෂ ගුවන් යානයකින් 4 වැනිදා රාත්‍රියේ එහි ළඟාවිය. එරට ජනාධිපති Emomali Rahmon මහතා ගුවන් තොටුපළේ දී ෂී ජින්පිං මහතා හරසරින් පිළිගත්තේය.

ටජිකිස්ථාන නිල සංචාරය අතරතුර ෂී ජින් පිං මහතා Emomali Rahmon මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එහිදී ද්විපාර්ශ්වික සබඳතා, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා මෙන්ම ගෝලීය හා කලාපීය තත්ත්ව පිළිබඳව නායක දෙපළ ගැඹුරින්  අදහස් හුවමාරු කරනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම