චීන ජනපතිගේ අත්සනින් යුත් ලිපියක් ටජිකිස්ථානයේ ප්‍රධාන මාධ්‍යයන් හි පළ වේ
2024-07-05 14:52:53
Share with:

ටජිකිස්ථානයේ ප්‍රධාන මාධ්‍ය චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ අත්සනින් යුත් ලිපියක් පළ කරයි. චීන ජනාධිපතිවරයාගේ නිල සංචාරය නිමිති කරගනිමින්, එරට Narodnaya Gazeta පුවත්පත සහ Khovar ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය ‘චීන-ටජිකිස්ථාන සබඳතාවේ සුන්දර අනාගතය එක්සත් ව නිර්මාණය කරමු’ යන මැයෙන් යුත් ලිපිය අද (05) පළ කර ඇත.

තමා ටජිකිස්ථානයේ නිල සංචාරයක නිරත වන තුන්වැනි අවස්ථාව මෙය බව ෂී ජින්පිං මහතා සිය ලිපියෙන් කියාසිටී. ඒ, වසර 5 කට පසුවයි. මීට වසර 32 කට පෙර, චීනය හා ටජිකිස්ථානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කෙරිණ. එම කාලය තුළ, දෙරට සබඳතා විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයක් දක්වා වර්ධනය වී තිබේ. පොදු ඉරණමක් සහිත චීන-ටජිකිස්ථාන ප්‍රජාව ගොඩනැංවීම ද දෙරට ඒකාබද්ධව ප්‍රකාශයට පත් කර ඇත. අසල්වැසි රාජ්‍ය අතර පොදු සංවර්ධන ක්‍රමවේදයක් මෙමගින් සහතික කර තිබේ.

වර්තමානයේ, චීනය හා ටජිකිස්ථානය තම දේශයන්හි සෞභාග්‍යය උදෙසා ඇපකැප වී සිටී. චීනය, ගුණාත්මක සංවර්ධනය හා ඉහළ මට්ටමේ විවෘතභාවය මෙන්ම, චීන මාදිලියේ නවීකරණය හා ජාතියේ පුනර්ජීවනය තහවුරු කරමින් සිටින බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. ටජිකිස්ථානය ද ‘2030 වසරට පෙර රටේ සංවර්ධන උපායමාර්ගය’ සාක්ෂාත් කරගැනීම උදෙසා ඒකායන අරමුණින් කැප වී සිටී.

මෙවර සංචාරයේ දී  Emomali Rahmon ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා චීන-ටජිකිස්ථාන සබඳතා තවදුරටත් සවිමත්ව ඉදිරියට ගෙන යාමට තමා සූදානම් බව ද චීන ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම