මෙරට වැඩිම කුකුළු මස් නිෂ්පාදනය මේ වසරේ දී
2024-07-05 15:56:14
Share with:

මෙරට මෙතෙක් වාර්තා වී ඇති ඉහළම කුකුළු මස් නිෂ්පාදනය 2024 වසරේ මේ වනවිට වාර්තා වී තිබේ. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක් උපුටා දක්වමින්, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියාසිටී.

ඒ අනුව, 2024 වසරේ මේ වනවිට මෙරට කුකුළු මස් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් මිලියන 269 ක් දක්වා ඉහළ දැමීමට හැකි වී තිබේ. සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික කුකුළු මස් පරිභෝජනය කිලෝග්‍රෑම් මිලියන 230කි. එමෙන්ම සාමාන්‍ය වාර්ෂික කුකුළු මස් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 220- 230 අතර අගයක පවතී.

කුකුළු ගොවිපොළවල සමස්ත ධාරිතාව ඉහළ නැංවීම, සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය බලපත් ලබා දීම වැනි කරුණු හේතුවෙන් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවෙන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහනේ පළමු ගම්මාන කාණ්ඩයේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (04) සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. කෑගල්ල දිස්ත්‍රික්කයේ ලෙනගල, හල්ලොලුව හා මාපිටිගම යන ගම්මාන මෙම පළමු අදියරට ඇතුළත් වේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම