චීනය නව චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව දියත් කරයි
2024-07-05 10:22:27
Share with:

චීනය Tianhui 5-02 චන්ද්‍රිකා සමූහය සාර්ථකව දියත් කරයි.

බෙයිජිං වේලාවට අද (5) 6:49ට චීනයේ Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ දී නවීකරණය කරන ලද Long March 6 වාහක රොකට්ටු‍ව ආධාරයෙන් මෙම දියත්කිරීම් සිදු කළ අතර, චන්ද්‍රිකා අපේක්ෂිත කක්ෂයට සාර්ථකව ඇතුළු විය.

Tianhui 5-02 චන්ද්‍රිකා සමූහය භූගෝලීය තොරතුරු මැනීම සහ සිතියම්ගත කිරීම, රටේ භූමි සම්පත් සංගණනය සහ විද්‍යාත්මක පර්යේෂණ වැනි කාර්යයන් සිදු කිරීමට යොදා ගැනේ.

මෙය Long March මාලාවේ වාහක රොකට්ටුවේ 527 වැනි මෙහෙයුමය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම