ටජිකිස්ථාන ජනපති චීන "මිත්‍රත්වයේ පදක්කමින්" පිදුම් ලබයි
2024-07-05 20:54:40
Share with:

ටජිකිස්ථාන ජනාධිපති Emomali Rahmon මහතා වෙත චීන "මිත්‍රත්වයේ පදක්කම" පිරිනැමේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් එම ප්‍රදානය සිදුකෙරුණේ අද (5) පස්ව‍රුවේ දුෂාන්බේ අගනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයක දී ය.

චීන "මිත්‍රත්වයේ පදක්කම" චීන රජය විසින් රාජ්‍යතාන්ත්‍රික මිතුරන් වෙත පිරිනැමෙන උපහාරයකි.

විදේශයකදී "මිත්‍රත්වයේ පදක්කම" ප්‍රදානය කෙරුණු පළමු අවස්ථාව මෙයයි. එය චීන ජනතාව ජනාධිපති Emomali Rahmon මහතා සහ ටජිකිස්ථාන ජනතාව කෙරෙහි දක්වන මිත්‍රශීලී හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා ගන්නා ලද විශේෂ පියවරකි.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම