ඊශ්‍රායලය වර්ග කිලෝමීටර් 12ක පලස්තීන භූමියක් අත්පත් කර ගනී
2024-07-05 10:52:26
Share with:

ජෝර්දාන් නිම්න ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 12ක භූමියක් සිය“රජයට අයත් ඉඩම් ”බවට පත් කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත. එය පසුගිය දශක 3කට වැඩි කාලයක් තුළ ඊශ්‍රායලය විසින් අත්පත් කරන ලද විශාලතම පලස්තීන භූමිය බව ඊශ්‍රායලයේ“Peace Now”සංවිධානය ඉකුත් 3වැනි දා අනාවරණය කළේ ය. පලස්තීන ඉඩම් අත්පත් කර ගැනීමට නායකත්වය දුන් ඊශ්‍රායල මුදල් අමාත්‍ය Bezalel Smotrich ප්‍රකාශ කර ඇත්තේ ස්වාධීන පලස්තීනයක් පිහිටුවීම වැළැක්වීම සහ අත්පත් කර ගත් පලස්තීන භූමි පාලනය කිරීම තහවුරු කිරීම සඳහා එය සිදු කළ බවයි.

ඊශ්‍රායලය මෙලෙස තවත් පලස්තීන භූමියක් අත්පත් කර ගැනීම වැරදි දිශාවකට යොමු වීමක් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශක Stéphane Dujarric  මහතා ඉකුත් 3වැනි දා කියා සිටියේ ය. ‍ඊශ්‍රායලය සිදු කළ මෙම ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් පලස්තීනයට සිය බෙදී ගොස් ඇති භූමි එකිනෙකට සම්බන්ධ කිරීම වඩාත් දුෂ්කර වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් ද පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම