ණය ප්‍රතිව්‍යුහගත කිරීම බලශක්ති ක්ෂේත්‍රයට ශක්තියක් බව විදුලිබල රාජ්‍ය ඇමති කියයි
2024-07-05 18:35:48
Share with:

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම හේතුවෙන් පසුගිය අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීමට හැකි වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. එය බලශක්ති අර්බුදය විසඳාගැනීමට මහත් පිටිවහලක් වනු ඇතැයි ද ඔහු කියාසිටී.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මේ අතර,  වහල මත සවි කෙරෙන සූර්ය පැනල ආධාරයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය පිළිබඳව අදාළ ආයතන ගණනය කිරීම් සිදු කර තිබේ. ඒ අනුව අඩු මිලකට විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම් සඳහා යොමුවීමට ද හැකි වන බව හෙතෙම කියාසිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම