දියුණු වීම සඳහා නොයෙකුත් අරගල කරන තුන්වැනි ලෝකයේ රටවල් චීනයේ නීති පද්ධතිය හැදෑරිය යුතුයි
2024-07-05 10:49:18
Share with:

සාමකාමී සහජීවනයේ පස් වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ 70වැනි සංවත්සරයේ බෙයිජිං ප්‍රකාශනය එළි දැක්වූ මේ මොහොත තුළ මිතුරු රාජ්‍යයක පුරවැසියෙක් ලෙස මිතුරු රාජ්‍යයක ප්‍රතිපත්ති සම්පාදකයෙක් ලෙස ඉතාමත්ම සතුටින් සහ ප්‍රීතියකින් සුබ පැතුම් එක් කරන බව මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. විශේෂයෙන් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හරහා සමස්ත මානව ශිෂ්ටාචාරයේම උන්නතිය වෙනුවෙන් චීන රජය සහ එහි ජනතාව තබන ලද පියවර මාලාවේ තවත් එක් වැදගත් පියවරක් උදා වී ඇත. ලෝක කියවීමට අනුව බිලියන 1.4කට වැඩි ජනගහනයක් සහිතව ශීඝ්‍රයෙන් ඉදිරියට ඇදෙන රාජ්‍යක් ලෙස චීනය පිළිබඳව ගෝලීය පුරවැසියන් ලෙස අප සතුටු විය යුතු බව හෙතෙම කියා සිටී. මේ දැවැන්ත ජයග්‍රහණ ලබා ගැනීම සඳහා චීන ජනාධිපතිතුමාගේ, කොමියුනිස්ට් පක්ෂයේ එම සංකල්ප මත පදනම්ව ගනු ලැබූ තීන්දු අතර විශේෂයෙන්ම ප්‍රධානම කරුණ නම් සමාජවාදී සංකල්පය යටතේ චීනයටම අනන්‍ය යූ නීති පද්ධතියයි. ඒ හේතුවෙන් මෙතරම් දැවැන්ත සාර්ථකත්වයක් ලබා ගෙන ඇත. එය ලෝකයට පූර්වාදර්ශයක් බවත් විශේෂයෙන්ම දියුණු වීම සඳහා නොයෙකුත් අරගල කරන තුන්වැනි ලෝකයේ රටවලට මෙවැනි නීති පද්ධතියක අවශ්‍යතාව තදින් දැනේ. ශ්‍රී ලංකාව තුළ එම නීතියේ ආධිපත්‍ය බිඳවැටීම මේ මො‍හොතේ භුක්ති විඳින දේශපාලන ආර්ථික අර්බුදයේ මූලික කරුණ බව පෙනී යයි. චීනය පුරා මීට වසර 10කට පමණ පෙර දූෂණ පිළිබඳව සංවාදයක් ඇති වුවද වර්තමාන චීන ජනාධිපතිතුමාගේ ආගමනයත් සමග එම අනීතික ක්‍රියාවන් සමස්ත චීන දේශපාලන ශබ්දකෝෂයෙන් ඉවත් කිරීමට ගනු ලැබූ පියවර අගය කළ යුතුය. චීන මහජන සමූහාණ්ඩුවේ 75 වැනි සංවත්සරය ද මේ වසරට යෙදී ඇත. එම නිසා චීන ජනාධිපතිතුමාටත්, චීන ආණ්ඩුවටත් සහෝදර චීන ජනතාවටත් එක් ඓතිහාසික පියවරක් අබිමුව සිටින මොහොතේ සුබ පැතුම් සහ සහෝදරත්වය මෙසේ පිරිනමන බව මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම