‍ මොරිටේනියාවේ ජනපති ධුරයට යළි තේරී පත්වූ Ghazouani මහතාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-07-05 20:20:39
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ‍මොරිටේනියා ඉස්ලාමීය ජනරජයේ ජනපති ධුරයට යළි තේරී පත් වූ Mohamed Ould Cheikh El Ghazouani මහතාට සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය අද (05) යොමු කෙරිණ.

චීනය හා මොරිටේනියාව අතර සබඳතාව මෑත වසර කිහිපය තුළ, තිරසර අයුරින් වර්ධනය වී ඇති බවත්, විවිධ ක්ෂේත්‍රයන් හි සහයෝගිතා මගින් ප්‍රතිඵල රැසක් අත් කර ඇති බවත් චීන ජනාධිපතිවරයා පෙන්වාදෙයි. දෙරට සබඳතාව ඉහළින් සලකන තමා Ghazouani ජනාධිපතිවරයා සමග එක්ව, ද්විපාර්ශ්වික සහයෝගිතා තර කොට ජනතාව වෙත සුබසෙත උදා කර දීමට සූදානම් බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම