චීන-ටජිකිස්ථාන ජනාධිපතිවරුන් අතර නිල නොවන සාකච්ඡාවක්
2024-07-05 19:03:34
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ටජිකිස්ථාන ජනාධිපති Emomali Rahmon මහතා නිල නොවන සාකච්ඡාවක් පවත්වති.

ඒ, අද (5) පස්වරුවේ ටජිකිස්ථානයේ දුෂාන්බේ අගනුවර ජනාධිපති මන්දිරයේදී ය.

චීන-ටජිකිස්ථාන සබඳතාවට ගැඹුරු ඓතිහාසික මූලයන් සහ ශක්තිමත් දේශපාලන පදනමක් ඇති බවත්, දෙපාර්ශ්වයේ පොදු ප්‍රයත්න යටතේ අන්‍යෝන්‍ය දේශපාලන  විශ්වාසය අඛණ්ඩව පුළුල් කොට “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළින් ප්‍රතිඵල රැසක් අත්පත් කර ගෙන ඇති බවත් ෂී ජින් පිං මහතා එම සාකච්ඡාවේදී පැවසීය.

දෙරට, අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ සහිත, පාරම්පරික මිත්‍රත්වයෙන් සුවදුක් බෙදාහදා ගන්නා, පොදු ඉරණමක් සහිත චීන-ටජිකිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීම සඳහා කැප වී සිටී. පසුගිය වසරේ Emomali Rahmon මහතාගේ චීන චාරිකාව අතරතුර දෙපාර්ශ්වය එම තීරණයට එළඹුණු බව ද ෂී ජින් පිං මහතා සිහිපත් කළේය. එසේම, මෙවර සිය සංචාරයේදී නව යුගයේ චීන-ටජිකිස්ථාන විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ප්‍රකාශයට පත් කරන බව ද හෙතෙම පැවසීය. දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතා සඳහා නව සැලසුම් හා විධිවිධාන සම්පාදනය කිරීම ද ඊට ඇතුළත් වේ.



ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම