ශැංහයි සහයෝගිතා සංවිධානයේ ප්‍රගමනයට චීනයෙන් යෝජනා
2024-07-05 18:57:45
Share with:

ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායක කවුන්සලයේ 24 වැනි සමුළුව හා "SCO+" සමුළුව ඊයේ(04) කසක්ස්ථානයේ අස්තානා අගනුවර දී පැවැත්විණ. එහිදී එළඹි එකඟතා රැසක් ජගත් ප්‍රජාවේ ඉහළ අවධානයට යොමු වී ඇත. බෙලරුසියාවට සාමාජිකත්වය ලබා දීම, "SCO+" සමුළුව’ ප්‍රථම වරට පැවැත්වීම, ගෝලීය යුක්තිසහගත භාවය, සහජීවනය හා සංවර්ධනය එක්සත්ව තහවුරු කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීම ඊට ඇතුළත් ය.

ශැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කර ගතවූ වසර 23ක් තුළ, මෙහි සාමාජික සංඛ්‍යාව 10 ක් දක්වා වර්ධනය වී ඇත. රටවල් 2 ක් නිරීක්ෂණ රාජ්‍ය ලෙස කටයුතු කරන අතර, හවුල්කාරී රටවල් ගණන 14 කි. මෙම ‘දැවැන්ත පවුල’ මගින් ආසියාව, අප්‍රිකාව හා යුරෝපය යන කලාප ආවරණය කිරීම කැපීපෙනේ. මෙවර පැවති "SCO+" අස්තානා සමුළුවට ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ඇතුළු ජාත්‍යන්තර ආයතන රැසක ප්‍රධානීහු එක්ව සිටියහ. මෙය, ශැංහයි සහයෝගිතා සංවිධානය  හා ‘ශැංහයි චින්තනය’ ඇගැයීමකට ලක් වූ අවස්ථාවකි. එසේම එය කලාපීය සංවිධානයක සිට ගෝලීය වශයෙන් කැපීපෙනෙන බලවේගයක් බවට පත්ව ඇති ආකාරය ද මින් මනාව පිළිබිඹු වේ.

ශැංහයි සහයෝගිතා සංවිධානය තුළ නව පරිච්ඡේදයක් ආරම්භ කරන්නේ කෙසේ ද යන්න විමසා බැලිය යුතු කරුණකි. මේ සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පස්වැදෑරුම් යෝජනාවක් ඉදිරිපත් කළේය. අනන්‍ය වටිනාකම්, දේශපාලනමය සුරක්ෂිතභාවය, ආර්ථික සංවර්ධනය, මානව හුවමාරු සහ ගෝලීය පාලනය යන සියලු අංශවල අභියෝග ජයගැනීම සඳහා හෙතෙම එහිදී ‘චීන පිළියම්’යෝජනා කර ඇත.

එසේ ම, 2025 වස‍ර ‘ශැංහයි සහයෝගිතා සංවිධානයේ තිරසර සංවර්ධන වසර’හැටියට නම් කරන ලෙස ද යෝජනා කෙරිණ. ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ප්‍රශස්ත අයුරින් ක්‍රියාවට නැංවීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ද එහිදී ඉදිරිපත් කෙරිණ. එසේම, සාමාජික රටවල් සමග එක්ව, ශැංහයි සහයෝගිතා සංවිධානය තුළ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැංවීම තවදුරටත් තහවුරු කිරීම චීනයේ ඒකායන අපේක්ෂාවයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම